12 වන දා බස් වර්ජනයක්

තම වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් බලධාරීන් හා පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ නිසා මේ මස 12 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් ධාවකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඉන්ධන මිල ඉහළ යෑම, සේවා ගාස්තු ඉහළ යෑම ඇතුළු බස් කර්මාන්තය මුහුණ දී ඇති ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් නොලැබුණු බැවින්
මෙම වර්ජනය ආරම්භ කරන බව එම සංගමයේ සම සභාපතිවරයකු වන ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ  සාකච්ඡාවක් අද (10 ) දිනයේ සවස 4.00 ට පැවැත්වෙන බවත් ඒ අනුව එම සාකච්ඡාවේදී ගැටළු සඳහා නිසි විසඳුමක් නොලැබුන හොත් 12 වන දා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Previous Post Next Post