උතුර-නැගෙනහිර තවත් ඉඩම් අක්කර 902ක් මුදාහරී..

හමුදාව විසින් භාවිත කරමින් සිටින උතුර හා නැගෙනහිර පළාතේ තවත් ඉඩම් අක්කර 902ක් ඒවායේ හිමිකරුවන්ට ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කරයි.

උතුරු පළාතේ රජයේ ඉඩම් අක්කර 312ක් හා පුද්ගලික ඉඩම් අක්කර 112ක්, නැගෙනහිර පළාතේ රජයේ ඉඩම් අක්කර 318ක් හා පුද්ගලික ඉඩම් අක්කර 160ක් මෙසේ මුදා හැරීමට නියමිත බව
අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි.

වාර්තාව අනුව වැඩිම ප‍්‍රමාණය වූ අක්කර 227 මුදා හැරීමට නියමිතව ඇත්තේ යාපනය දිස්ත‍්‍රික්කයෙනි.

Previous Post Next Post