‘දුටුගැමුණු රජු යුද්දය දිනුවෙ නෑ. යුද්දය දිනමින් තිබියදී ඔහු රජවුනා..’ අගමැතිටත් *** කියු වාසු අනුර කුමාරට රෙදි ලිහෙන්ම කියා දෙයි..

ඉතිහාසයේ ගැඹුරු සිදුවීමක් ගැන වාචාල කතා කීම එම පුද්ගලයාගේ අඥානකම පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා යුද්දය දිනුවේ නැති බවත් යුද්දය අවසන් වෙමින්
තිබියදී ඔහු ජනාධිපති වූ බවටත් ජවිපෙ නායක අනුර දිසානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පල කලේය.

‘දුටුගැමුණු රජතුමා යුද්දය දිනුවෙ නෑ. යුද්දය දිනමින් තිබූ වෙලාවෙ එතුමා රජවුනා’ වගේ. යුද්දය ජයගන්න නායකත්වය දුන්නෙ මහින්ද රාජපක්‍ෂ මහත්ත කියන එක ප‍්‍රතිපාර්ශවයන් පවා පිලිගන්න දෙයක්. දෙවියන් පය නොගසනා තැන මොඩයන් පිනුම් ගසන්නේය. කියන එක තමයි අනුර කුමාරට කියන්න තියෙන්නෙ’ යයිද මන්ත‍්‍රිවරයා කොළඹදී මාධ්‍ය අමතමින් පැවසීය.


Previous Post Next Post