පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් , එළාර රජුගේ විජිතපුර ආරක්ෂක බලකොටුවට අයත් පරිවාර බලකොටුවක් වන බැලුම්ගල නැමති ස්ථානය පසුගියදා ඩෝසර් කර විනාශ කිරිමේ සිද්ධියට සම්බන්ධ සිය අමාත්‍යංශයේ නිලධාරින්ට එරෙහිව පියවර ගෙන ඇති බව විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඊයේ(09) කොළඹ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව
සඳහන් කළේය.
නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කිහිප දෙනෙකු අතින් අඩුපාඩු සිදුව ඇති බව ද අමාත්‍යවරයා එහිදී පැවසිය.
ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිලධාරීන්ට දඬුවම් නිතීයානූකූලව ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
පැහැදිලි ලෙසම මෙම සිදුවීමට සම්බන්ධ කිසිවෙකුටත් මින් ඉදිරියට අමාත්‍යාංශයේ සේවය කළ නොහැකි බවත් පැවසු අමාත්‍යවරයා, පුද්ගලිකව ඇතැමුන් චෝදනා කර සිටින්නේ, තම චරිතය ඝාතනය කිරීමට බවත් ඔහු වැඩිදුරටත් පැවසිය.
ඉපලෝගම නිවාස ව්‍යාපෘතිය නවතියි:
මේ අතර මතභේදයකට තුඩු දී ඇති කැකිරාව, ඉපලෝගම ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භූමිය ආසන්නයේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ නව උදාගම් නිවාස ව්‍යාපෘතිය නවතා දැමීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.
එම අධිකාරිය මඟින් මෙම පුරාවිද්‍යා භූමිය ආසන්නයේ නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර එම භූමියේ බිම් සැකසුම් කටයුතුවලදී පුරාවිද්‍යා භූමියද ඩෝසර් කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කළේය.
පුරාවිද්‍යා ස්මාරක රැසක්ද මේ හේතුවෙන් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
ස්වාධීන පරීක්ෂණයක්:
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දිස්ත්‍රික් කළමණාකරුගේ සහ කාර්මික නිලදාරියාගේ සේවය අත්හිටුවා ඇති බවත් මෙහි විමර්ශන වාර්ථා අනුව තවත් නිළධාරීන් දෙදෙනෙකුගේ සේවය ඉදිරියේදී අත්හිටුවීමට සිදුවන බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එල්. එස් පලන්සූරිය මහතා පැවසීය.
අදාළ නිවාස ව්‍යාපෘතිය මේ වනවිට එම භූමියෙන් ඉවත් කර සම්පූර්ණ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් ස්වාධීන පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එල්. එස් පලන්සූරිය මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එල්. එස් පලන්සූරිය මහතා මෙසේද කීය.
පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක් නැහැ:
‘‘ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සැමට සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ 2015 වසරේ සිට මේ දක්වා නිවාස ව්‍යාපෘති 709ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. 2019 වසර වනවිට එම සංඛ්‍යාව 2500 දක්වා ඉහළ දැමීමට විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අපිට උපදෙස් ලබා දිලා තියෙනවා.
එම නිවාස ව්‍යාපෘති ඉදිකිරිමට අවශ්‍ය ඉඩම් අප සතුව නැහැ. ඒ නිසා අදාල දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අනුදැනුම මත අප එම ඉඩම් රජයෙන් ලබා ගන්නවා.
ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පූගොල්ලාගම ප්‍රදේශයේත් නිවාස 50ක ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා නියමිත පටිපාටියට අනුව අක්කර 10ක භූමි ප්‍රදේශයක් අපි වෙන් කරවා ගත්තා.
ප්‍රදේශිය ලේකම් කාර්යාලය මගින් ලබා දී ඇති එම භූමි කොටසේ කිසිදු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක් නැහැ.''

Tags
slide