උතුර-නැගෙනහිර පන්සල්වලට හමුදාවෙන් මෙතෙක් ලබා දුන් දානය අත්හිටුවයි.. ඉහල අණක්..

උතුරු හැ නැගෙනහිර බෞද්ධ විහාරස්ථාන වෙත මෙතෙක් ලබා දුන් දානය ලබා නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක් ලැබී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

කාලයක් තිස්සේම එම පළාත්වල විහාරස්තානයන්හි වැඩ වෙසෙන
භික්‍ෂූන් වහන්සේලාට දානය පිරිනමනු ලැබුවේ ආරක්‍ෂක හමුදා විසින් යයිද උන් වහන්සේ කියති.

ඉහලින් ලද නියෝගයක් මත මෙම දානය ලබා දීම අත්හිටුවා ඇති බවට තොරතුරු ඇතැයිද උන් වහන්සේ සදහන් කලහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අභයාරාමයේදී පැවති විද්වත් හමුවක් අමතමින් උන් වහන්සේ ඊයේ මෙම අදහස් පල කලේය.


Previous Post Next Post