සුහද රග්බි තරගයකට සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය රග්බි කණ්ඩායමක ක්‍රීඩකයින් දෙදෙනෙකු හදිසියේ රෝගාතුර වී මියයාමට පෙර අධික ලෙස මත්පැන් සහ කොකේන් මත්කුඩු පානය කර ඇති බවට හෙළි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය වූ දිනයේ මොවුන් ගමන්ගත් ත්‍රීරෝද රථයක රියදුරෙකු ඔවුන්ට
මෙම කොකෙන් මත්කුඩු ලබාදී ඇති බවටද තොරතුරු ලැබුණ බව පොලිසිය පවසයි.
පෙරේදා (15) මියගිය බෙට් තෝමස් රීඩ් 27 හැවිරිදි ක්‍රීඩකයා මියයාමට පෙර අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී මේ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවත් එසේම රෝගාතුර වී සිටියදී ඔහුගේ මිතුරන්ටද ඒ බව දැනුම් දී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ආන්දෝලනාත්මක 'ක්ලියෝපැට්රා' රාත්‍රී සමාජ ශාලාව
ඉකුත් 13 වැනි දින මොවුන් කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ලේ පිහිටි 'ක්ලියෝපැට්රා' රාත්‍රී සමාජ ශාලාවේ සිට ත්‍රීරෝද රථයකට ගොඩවී ඇති අතර එම ත්‍රීරෝද රථ රියදුරු මොවුන්ට කොකේන් ලබා දී ඇති බවද එම උසස් පොලිසිය නිලධාරියා කීය.
මොවුන්ට කොකේන් ලබාදුන් බව කියන ත්‍රීරෝද රථ රියදුරු අත්ඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.
මෙදින මෙම ක්‍රීඩකයන් දෙදෙනා අවස්ථා කිහිපයකම අධික ලෙස විවිධ වර්ගයේ මත්පැන් පානය කර ඇති බවත් මත් පැන් වලට අමතර කොකේන් මත්කුඩු ද පානය කිරීමෙන් මොවුන්ට ඒවා ඔරොත්තු නොදී ඇති බවට සැකකරන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අධිකරණ තීරණය අද :
මෙසේ බ්‍රිතාන්‍ය ක්‍රීඩකයින් දෙදෙනෙකු හදිසි ශ්වසන ආබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඉදිරි පරික්ෂණ සදහා ඔවුන්ගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇත.
ඔවුන් රෝහල්ගත කිරීමට පෙර දින ගතකළ 'ක්ලියෝපැට්රා' රාත්‍රි සමාජ ශාලාවේ සී.සී.ටී.වී. දර්ශන ද පරීක්ෂණ සදහා ලබාගෙන තිබේ.
ඔවුන්ගේ සිරුරු ඥාතීන්ට භාරදීම සම්බන්ධයෙන් තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කරන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) දැනුම් දුන්නේය.

Tags
slide