තඹුත්තේගම සිද්ධිය ගැන පොලිස් කොමිසමෙන් පරීක්ෂණයක්

අනුරාධපුර තඹුත්තේගම ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා

එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සදහන් කලේ මේ පිළිබද
පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැදවා ඇති බවයි

අදාල සිද්ධියේදී පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කරුණු සොයා බලන බවද ආරියදාස කුරේ මහතා සදහන් කලා

රාජාංගනය  වැවේ ජලය පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන බහුජාතික සමාගමකට ලබාදීමට රජය උත්සහ කරන බවට චෝදනා කරමින් ගොවීන් පිරිසක් තඹුත්තේගමදී මෙම විරෝධතාව පැවැත්වුවා.

එහිදී කලහාකාරීව හැසිරුණු විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

එම අවස්ථාවේ දී විරෝධතාකරුවන් සහ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු ද තුවාල ලැබූ අතර අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් රැසක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කෙරුණා.



Previous Post Next Post