Email

අගමැති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

රට පුරා සුරක්ෂිත වටපිටාවක් ඇති කිරීම සඳහා මහජන සහය අත්‍යාවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නැවත අවධාරණය කරනවා.

ඒ අනුව අසත්‍ය ප‍්‍රචාරවලට නොරැවටී වගකීමෙන් කටයුතු කරන ලෙසයි ඔහු සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින්නේ.

මහනුවර සහ අවට ප‍්‍රදේශවල ආරක්ෂාව සහතික කිරීමට ගෙන ඇති
පියවර පිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා.

"බොරු ප්‍රචාරවලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙම ප්‍රචන්ඩ කාරී ක්‍රියාවල මෙන්ම කොල්ලකෑම් ආදී නීති විරෝධී ක්‍රියාවල නිරතවෙන පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය විසින් සෑම පියවරක්ම ගනු ලබනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඇතුළු සියලු ජන කොටස්වලින් ඉල්ලා සිටින්නේ මේ උනුසුම්කාරී තත්ත්වය පාලනය කර සුරක්ෂිත වටපිටාවක් ඇති කරන්න ඔබේ සහය ලබා දෙන්න." යනුවෙන් සඳහන් කෙරුණා.

සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමටද රජය ඊයේ (07) තීරණය කළා.


gossip lanka