Email

අගමැති විශ්වාසභංගයේ ශ්‍රීලනිප අත්සන් මෙන්න (update)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරිමට නියමිත විශ්වාස භංග යෝජනාවට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ කැබිනට් ඇමතිවරුන්ට අත්සන් තැබීමෙන් වලකින ලෙස උපදෙස් ලැබී ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රිලනිප කැබිනට් ඇමතිවරුන්ට මෙන්ම ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද ඇමතිවරුන්ද මෙම විශ්ාය භංගයට අත්සන් තැබීමෙන් වලකින්නැයි
දන්වා ඇති බව ආන්ඩුව නියෝජනය කරන ශ‍්‍රිලනිප රාජ්‍ය ඇමතිවරයෙක් කියා සිටියේය.

කැබිනට් නොවන හා ජාතික ලයිස්තුවෙන් පත් නොකරන ලද අය සදහා මෙම ඉල්ලීම අදාල නොවන බවද දන්වා ඇති බව ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් අදාල විශ්වාස භංගය විවාදයට ගෙන අවසානයේ පැවැත්වෙන ඡුන්ද විමසීමේදී ඡන්දය ලබා දීමට කිසිදු බාදාවක් නැති බවද ඔහු කීවේය.

මහින්දගේ අත්සන නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම ලේකණඛයට අත්සන් තබා නැති අතර ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම මත ඔහු අත්සන නොතැබූ බව එහි ප‍්‍රකාශකයෙක් කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ නිල විපක්‍ෂය ලෙස කටයුතු කරන දෙමල ජාතික සන්ධානය හෝ ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත‍්‍රීවරයෙක් ඊට අත්සන් තබා නැති වීමද විශේෂය.
රනිල්ට එරෙහි විශ්වාස භංගයේ අත්සන් ලේඛණය මෙන්න..



gossip lanka