විශ්වාසභංගය අද පස්වරුවේ කතානායකට : ශ්‍රීලනිප 05ක් අත්සන් කරලා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන විශ්වා භංග යෝජනාව සදහා මේ වන විට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු අත්සන් තබා ඇති බව එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

ටී.බී. ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත
පුංචි නිලමේ යන ආණ්ඩුවේ නියෝජිතයන් ඒ අතර වේ.

මෙම විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 17ක් එකඟත්වය පළකර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔවුන් හෙළිදරව්වීමෙන් සිදුවිය හැකි අවධානම සලකා අද දින කතානායකවරයාට බාරදෙන ලේඛනයට එජාප මන්ත්‍රීවරුන්ගේ අත්සන් නොදීමට තීරණය කර ඇතැයි ද ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

අද පස්වරු 02.00 පමණ වන විට කතානායක කරු ජයසුරිය මහතා වෙත මෙම විශ්වාසභංග යෝජනාව බාර දීමට නියමිත බවත් ඉන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය හමුවක්ද කැදවා තිබේ.



Previous Post Next Post