මඟ නැගුම සභාපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ රාජ්‍ය සේවයේ නිරතවන අතරතුර දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇති බවට කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කර තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ
මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා ලෙස කටයුතු කළ රජිව් සෙනවිරත්න නැමත්තා පිළිබඳව කැෆේ සංවිධානය මෙසේ පැමිණිලි කර ඇත.
මෙම පුද්ගලයා උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයට අනුබද්ධ ‘මග නැගුම‘ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතරතුර එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා ලෙස මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ වෙනත් ආයතන සමඟ ලිඛිත ගණුදෙනු පවා සිදුකර ඇති බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේ බව සඳහන් කරමින් කැෆේ සංවිධානය මැතිවරණ කොමිෂන් සභාව වෙත යවන ලද ලිපිය පහත දැක්වෙයි.
මග නැගුමෙ ලොක්කා මැතිවරණයේදී පක්ෂයත් නග්ගලා !
2018-03-01T09:03:00+05:30
Gossip Lanka Hot News
slide|