Email

විකුණූ බැඳුම්කර යළි මිලදී ගන්න කැමති බව පර්පචුවල් කියයි !

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනුමැතිය ලැබෙන්නේ නම් රාජ්‍ය ආයතන වෙත විකුණූ සියලු බැඳුම්කර ඔවුන්ට විකුණූ මිලටම යළි මිලදී ගැනීමට සූදානම් බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන මහතා ලිඛිතව දන්වා තිබේ.

ඔහු මෙම ලිඛිත දැනුම්දීම කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයෙකුට වන අතර, මෙහි පිටපත් ජනාධිපති කාර්යාලයට, මහ බැංකුවේ අධිපති, විගණකාධිපතිට හා ජ්‍යතන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ශාඛාවට, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවට, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා ශාකාවට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වෙත යවා තිබේ.

බැඳුම්කර ගනුදෙනුවෙන් අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම හා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පාඩුවක් සිදුව නොමැති බවත් එම ආයතන රුපියල් බිලියන 25ක ලාභයක් ලබා ඇති බවත් වාර්තා වේ.

මාධ්‍යයෙන් තමාට හා තම සමාගමට සිදුකරන චෝදනා පදනම් විරහිත බවද සිය ලිපිය මගින් පෙන්වාදී ඇති පලිසේන මහතා බැඳුම්කර ඛාණ්ඩ 07ට අදාළ සම්පූර්ණ ඉපැයීම්, ප්‍රකාශිත අයගය (මතුපිට වටිනාකම), ISIN ඛාණ්ඩ අංක හා කූපන් පොලිස විස්තර කර ඇති ප්‍රකාශයක්ද ඉදිරිපත් කර තිබේ.

අදාළ ප්‍රකාශය හා ලිපිය පහත දැක්වේ.

gossip lanka