Email

බැඳුම්කර විවාදය අද

මහ බැංකු බැඳුම්කර හා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් විවාදය අද පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 14 ප්‍රකාරව අද පෙ.ව 10.30ට පාර්ලිමේන්තුව රැස්වෙයි.

කථානායක මාධ්‍ය අංශය නිවේදනය කළේ එළඹෙන 08 වනදා
පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව අග්‍රමාත්‍යවරයා විසින් පළ කර ඇති අදහස් හා එහිදී ඇති විය හැකි ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳ මැතිවරණ කොමිසන් සභාව පෙන්වා දී ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙවත් පක්ෂ නායක රැස්වීම ඊයේ දහවල් කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් එක්ව සිටි බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම පක්ෂ නායක රැස්වීම සඳහා සහභාගී වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ආරාධනයක් සිදුකළ අතර ඒ අනුව සභාපතිවරයා සහ සෙසු නියෝජිතයන්ද ඊට එක් විය.

ඒ අනුව පෙබරවාරි 08 වනදාට පෙර පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාගේ යෝජනාව වී ඇති අතර ඊට පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ බහුතර නියෝජිතයන්ද එකඟතාව පළ කර ඇති බව සඳහන්ය.

ඒ අනුව අද (06) පාර්ලිමේන්තුව කැඳවීම සුදුසු බවට එහිදී යෝජනා වී ඇති අතර පසුව කථානායකවරයා විසින් අග්‍රමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.

ස්ථාවර නියෝග 14 යටතේ පෙබරවාරි මස 06 වනදා පාර්ලිමේන්තුව කැඳවීමට අග්‍රමාත්‍යවරවරයා විසින් කථානායකවරයාගේ නිල වශයෙන් ඉල්ලීමක් කර ඇති අතර එදිනට බරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තාව සහ මහ බැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසන් සභා වාර්තා පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත.



gossip lanka