Email

කොච්චර එපා කීවත් කරන වරදක් නිසා හතර දෙනකුට දිවි අහිමි කරමින් සිදු වූ අඟුලානේ ඛේදවාචකය

දුම්රිය පාපුවරුවේ ගමන් කළ මගීන් පිරිසක් අඟුලාන සහ ලූනාව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය අසළ තිබූ ලොරි රථයක ගැටීමෙන් 04 දෙනෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මරදානේ සිට දකුණු කළුතර බලා
පස්වරු 4.10ට පිටත් වූ සීග්‍රගාමී දුම්රියක ගමන් කළ පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.
තුවාලකරුවන් ලූනාව සහ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ලොරි රථය දුම්රිය මාර්ගය දෙසට පිටුපසට ධාවනය කිරීමේදීයි පාපුවරුවේ ගමන් කළ පිරිස එහි ගැටී ඇත්තේ.

ලූනාව රෝහලට ඇතුළත් කෙරුණු 05 දෙනෙකුගෙන් 03 දෙනෙකු පසුව මිය ගොස් ඇති අතර අනෙක් දෙදෙනා කළුබෝවිල රෝහලට මාරු කර යවා තිබෙනවා

gossip lanka