Email

6 වැනිදා තව දේවල් හෙළිකරනවා

එළැබෙන (6දා) පැවැත්වෙන විශේෂ විවාදයේදී බැඳුම්කර සොරුන්ට අමතරව තවත් හෙළි නොවූ ආන්දෝලනාත්මක වංචා, දූෂණ කිහිපයක් පිළිබඳ සාක්ෂි සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,...ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි. එම විවාදයෙන් පසු ලබන (10දා) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී පිරිසුදු ඡන්දයක් භාවිත කිරීමේ ඉඩකඩ ජනතාවට සැලසෙනු ඇතැයි දිසානායක මහතා  කීය.

ඒ මහතා පැවැසුවේ මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන් වූවන් සහ එහි සැඟවී ඇති තොරතුරු මෙන්ම බරපතළ මූල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණ වාර්තා 34 ඇතුළු තවත් දූෂිත ක්‍රියා සහිත තොරතුරුද තම පක්ෂය විසින් හෙළිදරව් කිරීමට සූදානම් බවය.

-මව්බිම


gossip lanka