Email

ජාතික පාසැල්වල විදුහල්පතිවරුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය කඩිනමින්

ජාතික පාසැල්වල විදුහල්පතිවරුන්ගේ හිඟයක් පසුගිය වසර දෙක තුන තුළ පැවතුන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අදාළ පුරප්පාඩු පිරවීම සඳහා පත් කළ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල විසින් 
සෑහීමකට පත් විය හැකි විදුහල්පතිවරු නොමැති බව දැනුම් දුන් බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් බඳවා ගැනීම් සඳහා  අදාළ ගැසට් නිවේදනය  ඉක්මනින්ම නිකුත් කරනු ඇති බවයි  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දැක්විය.

“මේ ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ විශාල හිඟයක් තිබ්බා. පහුගිය අවුරුදු 2,3 ඇතුළතම නියමිත ශ්‍රේණිධාරීන් හිටියේ නැහැ. ඒ නිසා අපි විදුහල්පතිවරුන් බදවා ගැනීම ආරම්භ කරලා විශේෂයෙන්ම අධ්‍යාපන පරිපාලන සේවාවේ 852ක් බදවා ගනු ලැබුවා. විවෘත විභාගයෙන් ගත්ත අය අපි පුහුණු කලා වසරක්. අදත් මම මෙතනට එද්දී 50කට වැඩි ප්‍රමාණයක් විදේශීය පුහුණුවට යවන්න ටිකට් පත් දීලා ආවේ. විදුහල්පති තුන්වන ශ්‍රේණියේ විදුහල්පතිවරුන් 4000ක් පමණ බදවාගෙන දැන් පද්ධතියට දාලා තියෙනවා. ජාතික පාසල්වල පුරප්පාඩු පුරවන්න කැඳවපු සම්මුඛ පරීක්ෂණයෙන් ඒ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල කිව්වා සෑහිකමකට පත් වෙන්න පුළුවන් විදුහල්පතිවරු නැහැ කියලා. ඒ නිසා තමයි අපි එක සැරයක් එහෙම කැඳවලා නැවතත් අවලංගු කරන්න සිද්ධ වුණේ අපි ඒ පිළිබඳව අධ්‍යාපන සේවා කමිටුවට දැනුම් දුන්නා. දැන් අපි ගැසට් කරලා ඉවරයි. ඉතාම ඉක්මණින් බදවා ගන්න කටයුතු කරනවා.”



gossip lanka