Email

මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මිය යයි

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ වැඩිමහල් දියණය වන
රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඊයේ (16 දා) අලුයම හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මියයන විට 35 වැනි වියේ පසුවූ බවත් සදහන්.

ඩෙංගු උණ රෝගය වැළඳීමෙන් අසාධ්‍ය වී මෙම මරණය සිදුව තිබෙනවා. ඩෙංගු රෝගය වැළදීම නිසා ඇයව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීම සදහා නතර කර තිබෙන බවත් සදහන්.

එසේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදී ඇය රෝගය උත්සන්න වී මිය ගිය බවයි සදහන් වෙන්නේ. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ඇය Interior Design ක්ෂෙත්‍රයේ ප්‍රවීණයෙකු වූ අතර ඇයටම අයත් පුද්ගලික සමාගමක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

මියගිය රංජලා දෙදරු මවක්.

ඇගේ දේහය කොළඹ සිට පොළොන්නරුවට ඊයේ (16 දා) පස්‌වරුවේ රැගෙන ගොස් තිබෙනවා.

gossip lanka