අද පාසල් නිවාඩු නැහැ

අද දින සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම අමාත්‍යාංශය කියා සිටියේ ඊයේ දිනට යෙදී තිබූ තෛයිපොංගල්
උත්සවය නිමිත්තෙන් අද පාසැල් නිවාඩු දිනයක් බවට වන පුවතක් ප්‍රචාරය වූ බවයි.

කෙසේ වෙතත්, අද දිනය නියමිත පරිදි පාසල් පැවැත්වෙන අතර, පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය ද අද පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියා.

Previous Post Next Post