'තැබෑරුම් සංශෝධන ගැසට් නිවේදන' අද සිට අවලංගුයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගියදා අත්සන් තැබූ සුරාබදු ආඥාපනතේ ගැසට් නිවේදන අද  සිට අවලංගු වනවා.

කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීම සහ මත්පැන් අලෙවි කරන
ස්ථානවල සේවය කිරීමට  ඔවුන්ට අවස්ථාව ලබාදෙමින් එක් ගැසට් නිවේදනයක්  නිකුත් කර තිබුණා.

එමෙන්ම පෙරවරු 8 සිට රාත්‍රී 10 වන තුරු මත්පැන් අලෙවිසල් විවෘත කර තැබීමටද  ගැසට් නිවේදනයකින්  අවසර ලබාදී තිබුණා.

කෙසේ වෙතත්, එම ගැසට් නිවේදන අද සිට අවලංගු වන බවයි කළුතර අගලවත්ත ප්‍රදේශයේ සහ හෝමාගම ප්‍රදේශවල  ඊයේ පැවති ජන හමුවලදී ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ.

ඒ සඳහා තමන් නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

මත්පැන් අලෙවිසැල් විවෘත තැබෙන වේලාවන් සංශෝධනය කරමින් සහ කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීම මෙන්ම මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීමට  අවස්ථාව ලබාදෙමින් නිකුත් කෙරුණු  ගැසට් නිවේදන පහතින්.....

Previous Post Next Post