Email

රවීගෙන් අද මැතිසබේදී විශේෂ ප‍්‍රකාශයක්

බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා අද(24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

බැඳුම්කර සිදුවීමට අදාළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ කරුණු විකෘති කර ඇති අතර, එය අභියෝගයට කරුණක්වන බවත්, ඒ අනුව මේ
සම්බන්ධයෙන් වූ විශේෂ ප්‍රකාශයක් තමන් විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලබන රවි කරුණානායක මහතා අවධාරණය කරයි.

අගමැති රනිල් වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරුන් මෙන්ම තමන්ද සද්භාවයෙන්යුතුව කොමිසම හමුවට පැමිණ ලබා දුන් කරුණුවලට පරස්පර කරුණු මෙම වාර්තාවට ඇතුළත්ව ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.



gossip lanka