Email

අගමැති රනිල්, හිටපු ඇමති රවී පැය 72ක් අතුලත මාංචු දමා හිරගෙදරට ස්ථිරයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී ස්ථිර වශයෙන්ම නව ආණ්ඩුවක් පිහිටුවන බවත් එසේ පිහිටුවා පැය 72ක් ඇතුලත අගමැති රනිල් වික‍්‍රමසිංහ, රවි කරුණානායක ආදී බැදුම්කර මගඩියට වගකිව යුත්තත් මාංචු දමා හිරේ දමන බව සන්ධාන
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි.

බලංගොඩ නගරයේ පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

වංචනිකයන් අපායට ගෙන යන්නේ යයි කියන ජනාධිපතිවරයා බැදුම්කර හොරුන් අල්ලන්න අගමැතිගේ සහාය ඉල්ලන නිසා මේ ආණ්ඩුව යටතේ කිසි ලෙසකින් ඔවුනට දඬුවම් ලැබෙන්නේ නැති බවත් කීය.

gossip lanka