Email

ආර්ථිකය කියන යන්ත්‍රය ගැන අගමැතිගෙන් පැහැදිළි කිරීමක්

මෙරට අපනයනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා සැලසුම් සකස් කර අැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඉකුත් වසරවලට සාපේක්ෂව මේ වනවිට මෙරට අපනයනය ඉහළ ගොස් ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ.

රටේ සිදුවූ සංවර්ධනය පිළිබඳවද අග‍්‍රාමාත්‍යවරයා මෙලෙස පැහැදිළි කළා.

එහිදී පෙන්වා දුන්නේ "වරායවල් දෙකක් තියෙනවා..ගුවන් තොටුපළවල් දෙකක් තියෙනවා..මහානගර
කිහිපයක් තියෙනවා..සංචාරක කලාප..වෙළඳ කලාප රැසක් තියෙනවා..මේ ඔක්කොම වුණේ මේ ආර්ථිකය කියන යන්ත්‍රය ක්‍රියාත්මක වූ නිසයි. ගිය වසරේ අපේ අපනයන 15% කින් වැඩි වුණා.. හැබැයි මමනම් ඕකට අත්පුඩි ගහන්නේ නැහැ. වැඩිම ප්‍රමාණය වුණාට මට ඕනේ ඒක තවත් වැඩි කරගන්න.." යනුවෙනි.

අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) පසුවරුවේ කළුතර පැවැති ජන රැළියක් අමතමින්.

gossip lanka