Email

ප්‍රතික්‍ෂේප වූ නාමයෝජනා සම්බන්ධ පෙත්සම් 8 ක් අද සලකා බැලේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක්, පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වු නාමයෝජනා පත්‍ර
සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් 8  ක් අද දින සලකා බැලීමට නියමිතව තිබෙනවා.

එම නාමයෝජනා පත්‍ර ඊයේ දිනයේ සලකා බැලීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී දෙහිදෙණිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබීම හේතුවෙන් එම පෙත්සම් සලකාබැලීම කල්දැමුණා.

මහරගම නගරසභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව එම පෙරමුණ ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් එය සලකා බැලීම කල්දමනු ලැබුවා.

gossip lanka