Email

මෛත්‍රීගේ ධූරකාලයට තවත් දින 104ක් වැඩිවෙලා ?

තමා අධිකරණයට ගියේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන්වීමට ඇත්තේ තවත් දින 693 ක් යැයි කියමින් වුවද, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් ඔහුට තවත් දින 797ක් ඇති බවක් හැඟී යන්නේ යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියා සිටී.

එනම් ජනාධිපතිවරණය කල් දැමිය හැකි අවසන් දිනය 2020 මාර්තු 22
වැනිදා බව ඉන් කිය වෙන්නේ යැයිද ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව කියා සිටියේ ඔහු අධිකරණයට ගිය අරමුණ මේවන ඉටුවී ඇත්දැයි කළ විමසීකදීය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

“ අවුරුදු 5 තර්කය අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අපේ මතය නිවැරදි බව කියල තියෙනවා. නමුත්, ජනාධිපතිවරයාගේ ධූර කාලය ආරම්භ වන්නේ ජනවාරි 08 ද? නැතිනම් අප්‍රේල් 22? ද කියල නෑ..ඒ නිසා මම උසාවි ගිය අරමුණ සම්පූර්ණයෙන්ම ඉටුවෙලා නෑ..එයට අමතරව තවත් දින 103 ක් ජනාධිපතිවරයාට ලැබී තියෙනවා”

මෛත්‍රීගේ අවුරුද්දක් කැපිල නෑ කැපිල තියෙන්නේ මාස 08 යි !

කෙසේවුවද, ජනාධිපතිවරයා විසින්ම නැවත වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඔහුගේ ධූර කාලය අවසන් වන්නේ තව දින 693 කින් ද? නැතිනම් තවත් දින 797 කින් ද? යන්න තහවුරු කළ යුතුව ඇති බව ද තෙන්නකෝන් මහතා කියා සිටී.

මෛත්‍රී ජනාධිපතිවරයාගේ අවුරුද්දක් කැපී නැති බවත් පවසන ඔහු කැපී ඇත්තේ මාස 08ක් පමණක් බවද පැවසීය.



gossip lanka