Email

දහසක් බලාපොරොත්තු මැද විදෙස්ගතවූ සත්සරට අත් වූ ඉරණම

විදෙස්ගතව තමන් සේවය කළ ස්ථානයෙන් වැටුපක් නොගෙවා සේවයෙන් ඉවත්කළ බව කියන අසරණවූ තරුණයෙකු පිළිබඳව පුවතක් රියාද් වලින් වාර්තා වනවා.

මෙලෙස අසරණව ඇත්තේ සත්සර නමැති තරුණයෙක්.

දහසක් බලාපොරොත්තු මැද විදෙස්ගතවූ ඔහුට අත්ව ඇති ඉරණම
හේතුවෙන් ඔහුගේ මෙරට සිටින මව සහ පියා ද සිටින්නේ දැඩි වේදනාවකින්.

ඒ නැවත ඔහු මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍යකරන මුදල ගෙවීමට තරම් ප්‍රමාණවත් වත්කමක් ඔවුන් සතු නොවීම හේතුවෙන්.

වසර 4 කාලයක් නිවසක රැකියාවේ නිරත වූ බවත් එහිදී නිවෙස් හිමියාගේ තර්ජනයට යටත්ව සිටීමට සිදුවූ බවත් සත්සර අප සමඟ සඳහන් කළා.

එහිදී නිවෙස් හිමියා විසින් ගිනිඅවියක් පෙන්වා තර්ජනය කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහුට අත්වූ ඉරණම පිළිබඳව අපවෙත පැවසුවේ මෙවැන්නක්.





gossip lanka