Email

බැඳුම්කර කොමිසමේ වාර්තාව මහ බැංකු අධිපතිට

බැඳුම්කර කොමිෂන් සභාවේ වාර්තාව, නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකු අධිපතිට යොමු කර තිබෙනවා.

අදාළ කොමිසම ජනාධිපතිවරයා විසින්  පත් කරනු ලැබුවේ 2015 වසරේ පෙබරවාරි පළමු වනදා සිට 2016 වසරේ මාර්තු 31 දක්වා කාලය තුල
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් විමර්ශණය කිරීම සහ වාර්තා කිරීම සඳහායි.

එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සලකා බැලීමට ජනාධිපති ලේකම්වරයා විසිනුයි එම වාර්තාව මහ බැංකු අධිපතිවරයාට භාරදී ඇත්තේ.

මේ වන විටත් එහි අඩංගු ඇතැම් නිර්දේශ ක්‍රියාවට නංවා ඇති අතර අනෙක් නිර්දේශ රැසක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව මහ බැංකුව නිවේදනය කර සිටියා.

මුදල් මණ්ඩලය එම පියවර ගැනීමේදී නීතිපති උපදෙස් ද ලබාගෙන තිබෙනවා.

රාජ්‍ය ණය සහ සේවක අර්ථ සාධක අරමුදල කළමණාකරණය කිරීමේ කටයුතු සම්බන්ධ විනිවිදභාවය වර්ධනය කිරීම සුදුසු බව මුදල් මණ්ඩලය අදහස් කරන බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.

ජනාධිපති කොමිසමේ වාර්තාව මුදල් මණ්ඩලය විසින් අඛණ්ඩව සැලකිල්ලට ගනු ලබන අතර සුදුසු පරිදි වැඩිදුර  ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද මහ බැංකුව කියා සිටියා.

මීට අමතරව මහ බැංකුව සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණ සහ විමර්ශණ කටයුතුවලින් අනාවරණ වු කරුණු මත ශ්‍රී ලංකා මහ බැංකු අත් පොතේ වර්ගීකරණ, පාලන සහ අභියාචනා රීතීන්හි විධි විධානවලට අනුකුලව කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සදහන්.

ඒ අනුව සිව් දෙනෙකු වැඩ තහනමකට ද ලක්කර තිබෙනවා.

සුරැකුම්පත් කොමිසමේ ඇති පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ වත්කම් පිළිබඳව ද පියවර ගන්නා බවයි මහ බැංකුව සඳහන් කරන්න.

gossip lanka