Email

කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර්ට ප්‍රහාරයක් (Video)

හිටපු එල්.ටී.ටී.ඊ සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර්ට ඊයේ (08) සවස යාපනයේදී තියුණු ආයුද සහිතව පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය..

යාපනයේ ක‍්‍රියාත්මක දෙමළ රූපවාහිනි නාලිකාවක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන දයා මාස්ටර්ට ඊයේ(08) පස්වරුවේ සිය කාර්යාල
පරිශ‍්‍රයට කිසියම් පුද්ගලයෙකු පැමිණ පහර දෙන අතර එම පහරදීමෙන් පසුව කාර්යාල පරිශ්‍රෙයන් පිටතට යන පුද්ගලයා කැත්තක් සහ පොල්ලක්ද රැගෙන නැවත කාර්යාල පරිශ්‍රයට පහරදීමට පැමිණෙන අයුරු කාර්යාලයේ පිහිටි සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී ඇත.

පසුව එම අවස්ථාවේදීම යාපනය පොලීසියට දැනුම්දීමෙන් පසුව එම ස්ථානයට පැමිණ යාපනය පොලීසිය විසින් පහරදීමට පැමිණී පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද(09) දින යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි යාපනය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර කුමන හේතුවක් මත මෙම පහරදීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවට පරික්ෂණ සිදුකරන පොලීසිය සදහන් කළේය.

කෙසේ වෙතත් අදාල පහරදීමෙන් දයා මාස්ටර්ට සැලකිය යුතු හානියක් හෝ තුවාලයක් සිදුව නැත්තේ සැකකරුගේ පහරදීම්වලින් බේරුනු නිසා බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටි

gossip lanka