දුම්රිය රියදුරන්ගේ සහ දුම්රිය සේවක ඒකාබද්ධ සංධානය විසින් ආරම්භ කර ඇති වර්ජනය හෙතුවෙන් මහජනතාව පත්ව ඇති අපහසුතාව අවම කිරීමට ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය විසින් දිපව්යාපත්ව පුළුල් වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ යත්තේ තවත් ලංගම බස්රථ 1750ක් ධාවනයට යොදවා සේවාව පුළුල්
කර ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශය දැනුම් දෙන්නේ.
සාමාන්‍යයෙන් දෛනිකව ධාවනය කෙරෙන් ලංගම බස්රථ ගණන 5700ක්.
දුම්රිය වර්ජනය හේතුවෙන් අමතර බස් රථ 1000ක් ද, පාසැල් සේවා සඳහා යොදවා ඇති බස්රථ 750ක් දුරගමන් සේවා සඳහාද, සුඛෝපබොගි බස්රථ 60ක් ද ජනතාවගේ ගමන් පහසුව සඳහා යොදවා තිබෙනවා.
දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමිකම් ඇති සහ කලින් දුම්රිය ආසන වෙන්කරවා ගත් මගී ජනතාවට මෙම බස් රථවල කිසිදු ගාස්තුවක් ගෙවීමකින් තොරව ගමන් පහසුකම් ලබා ගැනීමට අවසරය ලබාදි ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සදහන් කළා.
මේ පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් මගින් සියළු ඩිපෝ අධිකාරිවරුන් දැනුවත් කර තිබෙනවා.
යම් හෙයකින් එම ප්‍රවේශපත්‍ර මගින් ගමන් පහසුකම් ලබා ගැනිමට නොහැකි යැයි පවසන ඕනෑම කොන්දොස්තරවරයකුට විරුද්ධව විනයානුකූලව ක්‍රියා කරන බවද සභාපතිවරයා දන්වා සිටි.
මේ අතර ජාතික ගමනා ගමන කොමිසම විසින් සියලු පුද්ගලික බස්රථ ධාවන සංගම්වලට දන්වා ඇත්තේ 12 දින සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින දරුවන්, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබා ගෙන ඇත්නම් ඔවුන්ට පුද්ගලික බස්රථවලින් නොමිලේ ගමන් කිරිමට හැකි බවයි.
අද පෙරවරු 10 පමණ වනවිට දුම්රිය ගමන්වාර 16ක් ක්‍රියාත්මක වු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
වර්ජනයේ නියැලෙන වෘත්තීය සංගම් සාමාජිකයන්ට සේවා කටයුතු සදහා වාර්තා කරන ලෙසයි අමාත්‍යාංශය ඉල්ලා සින්නේ.

Tags
slide