පුංචි ඡන්දය කල්යාමෙන් කෝටි 50ක පාඩුවක් !

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රුපියල් කෝටි 400 කට ආසන්න මුදලක් වැයවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.

මැතිවරණය මේ වසරෙ මැද පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කර රුපියල් කෝටි 350ක ඇස්තමේන්තුවක් සකස්කර තිබූ බවත්, කෙසේවුවද, එය
ලබන වසරේ මුල දක්වා ඇදුන බැවින් තවත් කෝටි 50කින් පමණ වියදම් ඉහල යා හැකිබවත් ඔහු කියා සිටී.

ලංකා ඉතිහාසයේ පැවැත්වෙන දැවැන්තම මැතිවරණය මෙය වන බවත්, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් ලක්ෂ තුනක් සහභාගිවීමට නියමිත බවද හෙතෙම ඊයේ (04) මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍යහමුවක් අමතමින් කියා සිටියේය.

මැකෝගේ ලියමන තැපෑලෙන්

මේ අතර, මිලියන 15කට මෙවර තැපෑලෙන් ලියුම් එවන බවද දේශප්‍රිය මහතා කියා සිටී.

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 17 හෝ ඊට පෙර සෙනසුරාදා දිනයක පවත්වන බවද ඔහු සඳහන් කළේය.




Previous Post Next Post