ලංකාවේ ඉඩම් මනින්න අමෙරිකානුවන්ට ලබාදීමට එරෙහිව මිනින්දෝරුවන් විරෝධතාවකට සැරසෙයි

මෙරට  ඉඩම් මැන සිතියම්ගත කිරීමේ කොන්ත්‍රාත්තුව ඇමරිකාවට ලබාදීමට විරෝධය පළකරමින්  හෙට (15) විරෝධතා  ක්‍රියාමාර්ගයකට යන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති  දුමිඳු උඩගොඩ මහතා දඹුල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ජනතාවට  හිමිකම් ඔප්පු ලබා
දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම  බව පවසා    ලංකාවේ ඉඩම් මැන සිතියම් ගත කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සඳහා ඇමරිකාවේ ආයතනයකට බාරදී රට තවත් ණය උගුලක පැටවීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පා 15 වනදා රජයේ මිනින්දෝරු සංගමය කොළඹ දී විරෝධතාවයක් පවත්වන බවයි.

මෙම ඉඩම් මැනීමේ කටයුතු සිදු කිරීමට ඇමරිකානු සමාගමකට ලබාදීම  සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙන බවද රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමිදු  උඩගොඩ  මහතා පවසනවා.

 මිනින්දෝරු සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ  ලංකාවේ ඉඩම් මැනීම් කිරීම්  සිතියම් ගත කිරීම ආදී සියලු තත්ත්වයන් ඒකරාශි කිරීම සඳහා ඇමරිකාවේ පිහිටි  Trimble  inc  නම් සමාගමකට ලබාදීම සඳහා වත්මන් ආණ්ඩුව මේ වන විට සියලු කටයුතු සූදානම් ඇති බවයි.  මේ සඳහා ඇමරිකාව ශ්‍රී ලංකා රජයට ණය මුදලක් ලබා දී එම මුදලින් ඇමරිකානු නියෝජිතයෝ පැමිණ ශ්‍රී ලංකාවේ සිතියම් ගත කිරීම බරපතළ ප්‍රශ්නයක් බවද ඔහු මාධ්‍ය හමුවේදී පෙන්වා දෙනු ලැබුවා.

මේ ක්‍රියාවලිය නතර නොකළහොත් අශ්‍රී ලංකාවේ ඇති ආරක්ෂාවට බරපතළ ප්‍රශ්නයක් මෙමගින් පැන නගින බවද ඔහු කියා සිටියා. රටේ ඇති පැරණිතම දෙපාර්තමේන්තුවට අත තියන්නට රටේ ජනතාවට හැර විදේශිකයන්ට ඉඩ නොදෙන බවත් එහි වගකීම දෙවුර මතට ගෙන රටේ සියලු ප්‍රගතිශීලි ජනතාව සමග පාරට බහින බවද රජයේ මිනින්දෝරු සංගමයේ සභාපතිවරයා කියා සි ටියා.

මෙම විරෝධතා අවස්ථාවේදී කදුළු ගෑස් ගසා හෝ පහරදී ඉවත් කිරීමට නොහැකි බවත් ඇතැම් විට ලේ වැගිරීමක සිදුවීමට ඉඩ තිබෙන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.




Previous Post Next Post