පොල් ගෙඩියක් සඳහා රජය මගින් පනවා තිබූ රුපියල් 75 ක පාලන මිල ඉක්‌මවා පොල් අලෙවි කරන සියලුම වෙළෙඳුන් අත්අඩංගුවට ගන්නා ලෙසට අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි පොල් වගා කිරීමේ මණ්‌ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා ඊයේ (13 වැනිදා) පැවැසීය.
කූට වෙළෙඳුන්ට මිල තීරණය කිරීමට කිසිදු අයිතියක් නැතැයි ද,
පාරිභෝගික ජනතාව ආරක්‍ෂා කිරීමේ අරමුණින් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ උපදෙස් මත රජය මගින් පොල් ගෙඩියක් සඳහා රුපියල් 75 ක පාලන මිලක් නියම කර තිබෙන බව ද සභාපතිවරයා කීවේය.
ඒ අනුව රජයේ පාලන මිලට පොල් අලෙවි කිරීමට වෙළෙඳුන් බැඳී සිටින බව ද, එසේ නොකරන වෙළෙඳුන් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළු අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ද කපිල යකන්දාවල මහතා සඳහන් කළේය.
රුපියල් 75 කට පොල් ගෙඩියක් අලෙවි කිරීමට කිසිදු ගැටලුවක් නොමැති බව ද, අසාධාරණ ලෙස අතරමැදියන් වැඩි මිලට පොල් අලෙවි කරන බව ද හෙතෙම පැවැසීය.
අතරමැදියන්ගෙන් පොල් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු බව කී සභාපතිවරයා පාලන මිල ඉක්‌මවා පොල් මිලදී ගෙන වැඩි මිලට පොල් අලෙවි කිරීමට කටයුතු නොකරන ලෙසට වෙළෙඳුන් ඉල්ලා සිටින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
-දිවයින

Tags
slide