ඉදිරි පැය 12 ඇතුළත පීඩන අවපාතයක්

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ වර්ධනය වී ඇති අඩුපීඩන කලාපය වයඹ දෙසට බරව දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වනවිට එය ස්ථාපිතව ඇත්තේ දිවයිනට කිලෝමීටර් 800 ක් පමණ දුරින්. ඉදිරි පැය 12  ඇතුළත එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු
ඇති බවටයි පැවසෙන්නේ. ඒ හේතුවෙන් උතුරු සහ නැගෙහිර මුහුුදු ප‍්‍රදේශවල සුළගේ වේගය වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න පැවසුවේ මුහුදේ කාලගුණය ඉදිරි පැය විසිහතරේත් අයහපත් බවයි.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මුහුදු යාමෙන් වළකින ලෙස නිවේදන නිකුත් කර තිබියදීත් මන්නාරමින් මුහුදු ගිය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

පසුව එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි අවවාද මත නිදහස් කෙරුණු බවයි සඳහන් කළේ.



Previous Post Next Post