ද්විත්ව පුරවැසියන් හතක් පාර්ලිමේන්තුවේ… ගීතාගේ තීන්දුවට ඔවුන්ටත්..

දෙමල ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන් හය දෙනෙකුට හා එක් කැබිනට් ඇමතිවරයෙකකුටද ද්විත්ව පුරවැසිකම් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගමම්න්පිල මහතා පවසයි.

අදාල කැබිනට් ඇමතිවරයා සම්බන්ධයෙන් මෙරට ස්විට්සරලන්ත
තානාපතිවරයා ගීතා කුාමරසිංහ මහතිමය සමග ප‍්‍රකාශ කර ඇති බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

දෙමල සන්ධාන මන්ත‍්‍රීන් දෙදෙනෙකුට ජර්මනියේ හා සිවු දෙනෙකුට කැනඩිවේ පුරවැසිකම් ලබා ඇති බවට තොරතුරු ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ද්විත්ව පුරවැදිකම ගැන සොයා බැලීමට ක‍්‍රමවේදයක් හෝ ආණ්ඩුවට නැතැයිද මන්ත‍්‍රවරයා කියා සිටියේ ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහොසි කිරීම ගැන අදහස් පල කරමිනි.




Previous Post Next Post