සමහර වැඩ නිසා ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ භික්ෂූව අපකීර්තියට පත් වෙනවා

මෙරට භික්ෂූන් වහන්සේගේ ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් බෞද්ධ භික්ෂූව අපකීර්තියට පත් වන බව ජාතික සංඝසම්මේලනයේ ලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවැසූහ.

භික්ෂුන් වහන්සේ පිරිසක් රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය පිළිබඳව අදහස් දක්වමින් උන් වහන්සේ අළුත්ගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදී  මෙම අදහස් පල කළහ.

මේ අතර ගල්කිස්ස ප්‍රදේශයේදී මියෙන්මාර සරණාගතයින් සම්බන්ධ සිද්ධියක් මුල්කරගනිමින් කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට අදාලව ස්වාමීන් වහන්සේ දෙනමකට අද (2) දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනීසිටින ලෙස දැනුම් දී තිබේ.

පූජ්‍ය අක්මීමන දයාරතන හිමි සහ පූජ්‍ය  අරඹේපොල රතනසාර හිමි යන ස්වාමීන් වහන්සේට මෙසේ අද උදෑසන අපරාධ කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍යප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේක සදහන් කළේය.
Previous Post Next Post