කැකිරාව - මඩාටුගම ප්‍රදේශයේ පාසල් දැරියක් ගැබ්ගෙන ඇති බවට චෝදනා කරමින් ඇය පාසලෙන් ඉවත් කළ විදුහල්පතිනියගේ වැඩ තහනම් කර තිබෙනවා.
මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට
උපදෙස් දී ඇත්තේ අදාළ දැරියගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙතෙක් පාසලක් ලැබී නැත්නම් ජාතික පාසලක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.
අදාළ දැරිය පාසලේදී හදිසියේ වමනය කිරීම හේතුවෙන් ඇය ගැබ්ගෙන ඇති බව සිතා දැරිය පාසලෙන් ඉවත් කිරීමට එහි විදුහල්පතිනිය කටයුතු කළ බවට චෝදනා එල්ල වුණා.
කෙසේ වෙතත් දැරිය පරීක්ෂා කළ දඹුල්ල රෝහලේ වෛද්‍යවරු තහවුරු කළේ ඇය ගැබ් ගෙන හෝ කිසිදු අතවරයකට හෝ ලක්ව නොමැති බවයි.
රෝහල් බලධාරීන් එම සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යංශය මෙන්ම ජාතික ළමාරක්ෂක අධිකාරිය ද දැනුවත් කර තිබුණා.
මේ අතර පාසලින් ඉවත් කෙරුණු එම දැරිය සහ ඇයගේ මව්පියන් ඊයේ (30) මානව හිමිකම් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
පාසලේ විදුහල්පතිනිය සහ තවත් ගුරුවරු කිහිපදෙනෙක් ඊයේ (30) එම කොමිසමට පැමිණියේ මීට පෙර සිදු කළ දැනුම් දීමකට අනූවයි.
ප්‍රථමයෙන් දැරියගෙන් සහ මව්පියන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර අනතුරුව විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ කැකිරාව- මාඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා සුදුසු ජාතික පාසලක් ඇයගේ සහ මව්පියන්ගේ කැමැත්ත මත ලබා දෙන ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

Tags
slide