ඇලෝසියස්ගේ පියාත් අක්කර 450කට වංගුවක් ගහලා !

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් මහතාගේ පියා වන ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතා කඳපොල පිහිටි මහකුඩුගල වතුයායෙන් රුපියල් 8,000ක මාසික බද්දකට අක්කර 450ක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

එම බදු ගිවිසුමේ බදු දුන් අය විසින් මාසිකව බදු ගැනුම්කරුට රුපියල්
ලක්ෂ 15 බැගින් ගෙවීමේ කොන්දේසියක් ද ඇතුළත්ව ඇතැයි පැවසේ.

මේ ඉඩම වසර 2045 දක්වාම අදාළ මාසික කුළියට මිලදී ගෙන තිබීමද විශේෂ සිද්ධියකි.

එම බදු ගිවිසුම අත්සන් තබා ඇත්තේ හවුල් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව 2015 සැප්තැම්බර් මස 26 වැනිදා බව පැවසේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයත් මේ රාජ්‍ය වතුයාය 1982 වසරේදී වසර 50ක කාලයකට “මතුරට ප්ලාන්ටේෂන් ලිමිටඩ්” හට බදුදී තිබෙන අතර මහකුඩුගල වතුයාය ජෙෆ්රි ඇලෝසියස්ට බදුදී ඇත්තේ අතුරු බද්ධක් ලෙස බවද පැවසේ.

කෙසේවුවද, එසේ අතුරු බද්දක් දීමට එම වැවිලි සමාගට බලයක් නොවන බවද මේ අතර වාර්තා වේ.

මේ ගිවිසුම අත්සන් කිරීමට ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස් මහතා සභාපති ධූරයට පත්කරමින් “සෙරන්ඩිපිටි ප්ලාන්ටේෂන්” නමින් නව සමාගමක්ද ඇති කර ඇතැයි පැවසේ.

මහකුඩුගල වතුයාය තේ අක්කර 450කින් සමන්විත වන අතර, එහි බංගලාදෙකක්, සේවකයින්ගේ නිවාස ගොඩනැගිලි, මාතෘ නිවාසයකින් හා වෛද්‍ය මධයස්ථානයකින් සමන්විත බව වාර්තා වේ.

මෙහි වටිනා ගස් 19,610ක් ඇති බවද පැවසේ.

මූලාශ්‍රය - ඉරිදා ලංකා


Previous Post Next Post