ද්විත්ව පුරවැසි මන්ත්‍රීලා අල්ලන්න මෙහෙයුමක්

ද්විත්ව පුරවැසිභාවය හිමි දේශපාලඥයන් සෙවීමට ආගමන විගමන අංශය විසින් මෙහෙයුමක් ආරම්භකර ඇතැයි ආගමන විගමන පුරවැසි අංශයේ නියෝජ්‍ය ආගමන විගමන පාලක වජිර ලියනරත්න මහතා පැවසීය.

ඔහු කියා සිටියේ මේ සඳහා 10 දෙනෙකුගෙන්යුත් කණ්ඩායමක් නම්කර ඇති බවයි.
ඔවුන් ඉරිදා සෙනසුරාදා දිනයන්හිදී ද අදාළ කාර්යේ නිරත බවද ඔහු කියා සිටියේය.

අදාළ තොරතුරු සෙවීමට වසර 2006 සිට ආගමන විගමන අංශයේ ඇති ලෙජර් පෙරලමින් සිටින බවද කී ඒ මහතා අදාළ ලෙජර්වල ඇති නම් යළි පරිගණකයට ඇතුළු කිරීමට සිදුව ඇති බවද හෙළිකළේය.

ඒ ඇතැම් අයගේ නම්වල කොටසක් පමණක් ලේඛණ ගතවීමත් එහි අන්තර්ගතය පරිගණකවල තිබීමත් යන කාරනා නිසා බවද පැවසේ.

වසර 1987 සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පරිගණක ගතකිරීම ආරම්භ කර ඇති අතර, ඇතැම් දේශපාලඥයන්ගේ නියම නම් සොයා ගැනීමට ලෙජර් පිරික්ෂා කිරීමට සිදුව ඇතැයි පැවසේ.

කෙසේවුවද, ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති දේශපාඥයන් ගැන වාර්තාවක් කඩිනමින් සකසා ආගමන විගමන පාලකවරයා මාර්ගයෙන් එය අමාත්‍ය එස්.බී. නාවින්න මහතාට ලබාදීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
Previous Post Next Post