රටේ ඒක පුද්ගල ආදායම පහත වැටිලා

වසර 15 කට පසු මෙරට ඒක පුද්ගල ආදායම පහත වැටී ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා.

ඉකුත්දා නිකුත් කෙරුණු 2016 මහබැංකු වාර්තාවෙන් ඒ පිළිබඳ කරුණු අනාවරණ කර ඇති බවයි මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නේ.

මීට බලපෑ ප‍්‍රධාන හේතු සම්බන්ධයෙන්ද මන්තී‍්‍රවරයා පැහැදිළි කළා.
එහිදී ඔහු සඳහන් කළේ පසුගිය කාලයේ වැඩබිමක් ලෙස පැවැති රට මේ වන විට ඒ සියල්ල ඇනහිට ඇති බවයි. කෘෂිකාර්මික ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවද පසුගිය වසර දෙකේදිම අන්තර්ජාතික ගෙවුම් ශේෂයේ හිඟයක් ඇති වී තිබෙන බවද සඳහන් කළා.
Previous Post Next Post