පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාට ශ්‍රී ලාංකික පුරවැසිභාවය නීත්‍යනුකූලව ලබාගැනීමට නම් මාස තුනක් ඇතුළත ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරිය යුතු යැයි දැනුම් දී තිබුණත්, අදාළ මාස තුන මේ වනවිට ඉක්මවා ඇති හෙයින් තවත් මාස තුනක කාලයක් ඔහුට ලබා දුන් බව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු ඇමැති එස්. බී. නාවින්න මහතා පැවැසීය.
අදාළ කාලය ඇතුළත තමන්ට හිමි ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කර ගැනීමට කාලය මදි වූ හෙයින් තවත් මාස තුනක කාලයක් ලබා දෙන්නැයි කුමාර ගුණරත්නම් මහතා විසින් කළ ඉල්ලීමකට අනුව අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.
අදාළ කාලය ඇතුළත තමන්ට හිමි ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය අවලංගු කර ගැනීමට කාලය මදි වූ හෙයින් තවත් මාස තුනක කාලයක් ලබා දෙන්නැයි කුමාර ගුණරත්නම් මහතා විසින් කළ ඉල්ලීමකට අනුව අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.