ඒකාබද්ධයේ බාල්දියෙන් පාර්ලිමේන්තුව කලින්ම අවසන් වෙයි

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සිදුවූ දේ පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් අද උදෑසන 9 සිට පස්වරු 3 දක්වා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබුනා.

කෙසේ වෙතත් එහිදී ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය විසින් කාලය ප්‍රමාණවත් නොවන බවට ප්‍රකාශ කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇතිවූවා.
පසුව ආණ්ඩු පක්ෂයෙන් අමතර මිනිත්තු තිහක කාලයක් ලබාදීමට එකඟතාව පළකලා.

එහිදී නැවත විවාදයට එක්වෙමින් අනුර කුමාර දිසානායක, දිනේෂ් ගුණවර්ධන ඇදහස් පළකරමින් කියා සිටියේ එම කාලයද ප්‍රමාණවත් නොවන බවයි.

අනතුරුව ඇතිවූ උණුසුම් තත්වයත් සමඟ සභාවේ වැඩකටයුතු අවසන් කිරීමට කථානායකවරයා තීරණය කළා.
Previous Post Next Post