මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බොරුවක් කීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.
මීතොටමුල්ල කසල කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය රජය තින්දු තීරණ රැසක් ගෙන තිබූ බවට හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනුයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේ.
යුද්ධයක් නිම කළ නායකයෙකුට කුණු කන්දක් ඉවත් කිරීම බරපතල කාරණයක් නොවන බව ද ඔහු එහිදී කියා සිටියා.
පසුගිය රජය තුළදී කොමිස් ලබා ගැනීමේ අරමුණින් ක්‍රියා කළ ඇතමුන්ගේ ක්‍රියා කළාප හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවන්නට ඇති බවටයි ඔහු විශ්වාසය පල කරන්නේ.
"අපි අවුරුදු ගාණක් මේ රට පාලනය කලානේ... එතකොට කුණු කන්ද විශාල වෙන්න පටන් ගත්තේ ඒත් අපේ ආණ්ඩු කාලය තුලදීනේ... එතකොට මුදල් පාස් කරන්න ඇති... මං නෑ කියන්නේ නෑ.... ඒක විශ්වාසයි... හිටපු ජනාධිපතිරවයා බොරු කියන්න අවශ්‍ය නෑ. එතුමා කියන කතාවේ සත්‍යයක් ඇති. නමුත් මහා විශාල යුද්ධයක් ඉවර කරන්න පුළුවන් වුණා නම් කුණු කන්දක් ඉවත් කරන්න බැරි කමක් නැහැනේ. මේකේ නොදන්න බලවේග ඇති කොමිස්වලට වැඩකරපු කට්ටියක්. මේ ලංකාවේ තිබුණනේ... කොමිස්වලට වැඩ කරපු නම් තිබුණා... පසුගිය ආණ්ඩුවේ... එතකොට ඒ වගේ දේවල් කරකැවෙන්න ඇති."