ලැම්බෝගිනි මෝටර් රථ තරගාවලියේ ඉතාලියේ මොන්සා හි පැවැති තරගයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුව දෙවැනි තැනට පත්ව තිබේ.
ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඔහුට මේ තරගයට සහය දැක්වීමට පැමිණ ඔහු වෙනුවෙන් ඔල්වරසන් දීම ගැන සතුටු කඳුළු වගුරවමින් මේ තරගයට එක්වූ බව ඩිලන්ත තරගය අවසන්වීමෙන් පසුව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත.
සම්පූර්ණ ෆේස්බුක් සටහන පහත දැක්වේ.
“ශුභ උදෑසනක් නිහතමානී ඔබ සැමට. ඉතාලියේ පැවති දෙවන තරගයේදී අපට හිමි වූයේ දෙවන ස්ථානය. ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් තරගය නැරඹීමට අපගේ රටේ කොඩිය රැගෙන ආවේ මට ලොකු ගෞරවයක් ලබා දෙමින්. මුලු ධාවන පථයම ශ්‍රී ලංකා හඩින් දෙවනත් විය. තරගය පටන් ගන්න විට මම රථය තුළ සතුටින් හැඬුවෙමි. අනික් රටවල ධාවකයන් පුදුමයට පත් වී සිටියේ මෙතරම් ශ්‍රී ලාංකිකයන් ඇයි මට මෙතරම් ආදරේ කියා. ලොවේ කිසිම රටක මෝටර් රථ ධාවන තරගයකට එක ක්රීඩකයකුට සහය දැක්වීමට මෙතරම් පිරිසක් පැමිණ නැත. එය ඉතිහාස ගත විය. මට ස්තූති කරන්න වචන නැත. මා සැමදා කියන පරිදි ලොවේ ශ්‍රේෂ්ඨම රටට වැඩියෙන්ම ආදරය කරන මිනිසුන් සිටින්නේ ශ්‍රී ලංකාවේය. එය වැඩියෙන්ම තේරැම් ගත හැක්කේ රටට ආදරය කරන අයට පමණි.”