සමන්තබද්‍ර හිමිගෙන් ෆ්‍රැන්සිස් පාප්තුමන්ට ප‍්‍රචණ්ඩ ප්‍රහාරයක්

දෙහිවල නැදිමල සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට දැඩි විරෝධය පල කරන බවත් කතෝලික විභාවනය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
මාධ්‍ය නිවේදනයයි

සමන්තබද්‍රගෙන් ශු. ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ප්‍රහාරයක්
පසුගිය දින කීපයෙදී දැඩි කතාබහට ලක්වු සමන්තබද්‍ර යැයි කියාගත් සවාමින් වහන්සේ කෙනෙකු ලිංගික කුතුහලය ඇතිකරනා දර්ශනය ඇතුලත් ගීත වීඩියෝවක රැස් විහිදමින් සිටීමත් සමග ඔහුට සමාජයේ දැඩි විරෝධයක් එල්ලවුනී. ඒ අතරතුර මෙම පුද්ගලයා විසින් 2016.05.11 දින කතෝලික දහමට හා ශුද්ධවූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අපහස කරනා බණ දේශනාවක වීඩියෝ පටයක් සමාජ ජාල තුල ඉස්මතු විය.

මෙම වීඩියෝව අප සංවිධානය යටතේ ඇති කතෝලික ෆේස්බුක් පිටුවක් හරහා පැතිරයාමත් සමග කලබල වූ සමන්තබද්‍රගෙ ආශ්‍රමය, එම විඩියෝව තමන්ගේ බුද්ධිමය දේපළ ලෙස වාර්තා කොට වීඩියෝව ඉවත් කිරීමට පියවර ගෙන ඇත (සාක්ෂි අමුණා ඇත ). සියල්ල අත හැර තමාව වන්දනා කිරීමට ගාථාවකුත් ඇති රහතන් වහන්සේ කෙනෙකු හැසිරෙන ආකාරය මෙයද?

එහිදී, සමන්තබද්‍ර සදහන් කරනුයේ, පියතුමන්ලා යනු පචකරුවන් බවත්, වතිකානුවේ සිටින ලොකු තොප්පිය දාගත් පුද්ගලයා එකල ජේසුස් වහන්සේ ඇණ ගැසු නායක පූජකයන්ගේ පාරම්පාරාවෙන් පැමිණෙන කෙනෙක් බවත්, එම නිසා ඔහු ඇතුලු පියතුමන්ලා අද බලා සිටින්නේ ජේසුස් වහන්සෙ නැවත පැමිණි විට උන්වහන්සේට ඇණ ගැසීමට කියාය. තවද පියතුමන්ලා ජනතාවට දේශනා කරනා කතෝලික දහම තුළ ගැලවීමක් නොලැබෙන බවට රහතන් වුවත් පිලියන්දල දී පහරකෑම වලකාලීමට නොහැකිවූ ඔහු ප්‍රකාශ කරතී.

කතෝලික සංවිධානයක් ලෙස සමන්තබද්‍ර විසින් ප්‍රකාශ කෙරෙනු කරුණු සම්පුර්ණයෙන් අසත්‍යබව ප්‍රකාශ කරන අතර, අප ඔහුගේ එම ප්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකිමු. ජේසුස් වහන්සේව එකල ඇණ ගසා මරාදැමු පරිසිවරුන් නැමැති පූජකයන් හා පාප් වහන්සේ හෝ දැන් සිටිනා පුජකවරය අතර කිසිදු සබඳතාවක් නොමැති අපි බව අවධාරණය කරමු. මන්ද, එකල ජේසුස් වහන්සෙගේ ගෝලයන්ගෙන් ආරම්භ වූ පූජකවරයට එකල පරිසිවරුන් ඉවත් කිරීමට හැකි වුණි, ඒ රෝමානු අධිරාජ්‍යවාදීන් කිතු දහම වැළඳ ගැනීමත් සමගය. සරලව තේරුම් ගන්න, කිතු දහම යනු සමන්තබද්‍ර නම් පුද්ගලයා කියනා එම කාරණාවන්ට එරෙහිව ගොඩනැගුණු එකකී. අද ඇති පූජකවරය නායකයා සේවකයා යන ප්‍රතිපත්තිය තුල පූජකයන් ඇණ ගැසීමට ලක්වෙමින්, පහරදීමට ලක්වෙමින්, පූජකයන්ගෙන් ජීවිත පරිත්‍යාගයෙන් පවතින එකක් මිස, එදා මෙන් අනුන් කුරුසයේ ඇණ ගසමින් පවතින එකක් නොවන බව ඔහු දැනගත යුතුය. තවද පූජකයන් තුලින් සිදුවිය හැකි වැරැදි වැලැක්වීමට හා සමන්තබද්‍රගේ මානසිකත්වයෙන් යුත් කතෝලික පූජකයන් බිහිවීම වලකාලීමට නීති මාලාවක්ද කතෝලික සභාව තුල ක්‍රියාත්මකව පවතී.

සමන්තබද්‍ර, අනුගමනය කරන්නෙ බෞද්ධ දර්ශනය නොවන බව අපට පැහැදිලි වන අතර, තවද ඔහු විසින් බෞද්ධ ජනතාව ආගමික අන්තවාදය කරා නොමග යවන බව ඉතා පැහැදිලිය, මන්ද අන් ආගම්වලට හෝ පුද්ගලයන්ට පහර ගැසීමට හෝ ගැරහීමට බුදුරජාණන් පවසා නැත. සමන්තබද්‍ර යනු ශ්‍රී ලංකාවේ කතෝලික බෞද්ධ මිතුරුකම විනාශ කිරීමට උත්සාහ කරන්නෙකු අතර, ඔහු එය කරන්නෙ අන් කිසිවක් සදහා නොව, අප්‍රසාදය තුල ප්‍රසිද්ධියට පත්වෙමින් අක්කර 58ක සාදන පන්සල සදහා අන්තවාදී දායකයින් සොයා ගැනීමට ය. ජලභීතිකා රෝගය සෑදුණු සුනඛයකු නිදැල්ලේ තිබීමෙන් සිදුවන්නේ කුමක්ද? ගතයුතු පියවර කුමක්ද? මෙවැනි පුද්ගලයන් සම්බන්ධව ගරු මහානායක මාහිමිපාණන්ලා පියවරක් නොගන්නේ මන්ද? මෙවැනි පුද්ගලයන්ගෙන් නිග්‍රහය කතෝලික අපි ඇතුළු සමස්ත ජනතාව ගරු කරනා උතුම් වූ බුදු දහමට හා රටේ පුරවැසියන් වූ අපි සියලු දෙනාටමය.

ජේසු පිහිටයි,
මෙයට,
චිරන්ත අමරසිංහ
සභාපති – කතෝලික විභාවනය
Previous Post Next Post