ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තමා වෙත එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (20) දිනයේ දී හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඉහත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දක්වා තිබුණි. එම කරුණු දැක්වීම පදනම් කර ගනිමින් ඇතැම් විදෙස් මාධ්‍ය මෙම සිදුවීමට එවක ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂා මහතා ද සම්බන්ධ බවට පුවත් පළ කර තිබිණි.
කෙසේ වෙතත් AFP විදෙස් පුවත් සේවයට මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමා කිසියම් රහස් බලකායකට සම්බන්ධ බව ෆොන්සේකා මහතා දැන සිටියේ නම් ඔහු එවකට හමුදාපතිවරයා වශයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ කුමන හේතුවක් නිසා ද යන්නයි.