කට්ටි පනින ළමයින්ගේ තරම මෙන්න

අධ්‍යාපනය වෙනුවෙන් පුද්ගලයා කරන කාලය, ශ්‍රමය, ධනය, ආයෝජනය සමාජයට දිගු කාලීනව ප්‍රතිඵල ලැබෙන ආයෝජනයකි.

මනා පෞරුෂයකින් හෙබි, නිර්මාණශිලී, මානසික හා  කායික සෞඛ්‍යයෙන් පිරිපුන් ලාංකේය දරුවෙකු බිහිවීමට අධ්‍යාපනය පිටුවහලක් සපයයි.

කෙසේ වෙතත් අධ්‍යාපනයට ඇති අකමැත්ත සහ අධ්‍යාපනයේ අගය වටහා නොගැනීම නිසා මෙරට ළමයි 77,730 දෙනෙකු පාසල් නොයන බව ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
එය පාසල් නොයන සමස්ථ ළමයින් සංඛ්‍යාවේ ප‍්‍රතිශතයක් ලෙස ගතහොත් 17.2% කි.

ඉන් 48,099 ක් (20.8%) පිරිමි ළමයි වන අතර, 29,631 ක් (13.3%) ගැහැණු ළමයින් ය.

ආබාධිත බව නිසා 19,213 දෙනෙකු (4.2%) පාසල් නොයයි.  මූල්‍ය දුෂ්කරතාවය නිසා ළමයි 14,922 දෙනෙකු (3.3%) පාසල් නොයයි.

උචිත පාසලක් නොලැබීමෙන් නිවසට වී සිටින ළමයි සංඛ්‍යාව 4,913 කි (1.1%). දීර්ඝ කාලීන රෝග නිසා ළමයි 4,709 දෙනෙකු (1%) පාසල් නොයයි.

 පාසල් පරිසරය අනාරක්ෂිත බව නිසා 3,853 දෙනෙකු (0.9%) පාසල් නොයයි.  ඉන් 2,712 ක් (1.2%) පිරිමි ළමයි වන අතර, 1,141 ක් (0.5%) ගැහැණු ළමයින් බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.
Previous Post Next Post