අවුරුදු 9 කට කලින් වුණු වරදට අද මරණ දඬුවම හිමිවෙයි

අවුරුදු 9 කට කලින් වුණු වරදකට අද අනුරාධපුර මහාධිකරණයේ දී පුද්ගලයෙකුට මරණ දඬුවම නියම වුණා.

ඒ, උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්නගේ නියෝගයක් අනුවයි.

උදැල්ලකින් පහර දී කාන්තාවක ඝාතනය කිරීමේ චෝදනාවට මෙසේ මරණ දඬුවම හිමිවුණේ පදවිය පරාක‍්‍රමපුර ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට.
2008 වසරේ මාර්තු මස 31 වන දා හෝ ඊට ආසන්න දිනක දී අනුරාධපුර වැලිඔය හංසවිල වෙල්යායේ දී අදාළ කාන්තාව මෙලෙස ඝාතනයට ලක්වුණා.
Previous Post Next Post