සා. පෙළ ප්‍රතිඵල 28 දා නිකුත් කෙරේ

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන 28 වැනිදා නිකුත් කෙරේ.

පසුගිය දෙසැම්බර් මස පැවති මෙම විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්‍ෂයකට ආසන්න පිරිසක්‌ පෙනී සිටියහ. විභාගයේ ප්‍රායෝගික පරීක්‍ෂණ අවසන් වූයේ ඊයේ (09 දා) ය.

අගොස්‌තු මස 20 වැනිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්‌තෝම්බර් මස 05 වැනිදා ද සැප්තැම්බර් මස 02 දා දක්‌වා පැවැත්වෙන උසස්‌ පෙළ විභාග ප්‍රතිඵල දෙසැම්බර් මස 27 වැනිදා ද නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
අධ්‍යාපන ඇමති අකිල විරාඡ් කාරියවසම් මහතා මෙම කරුණු ප්‍රකාශ කළේ රාජගිරියේ ඊයේ (09 දා) පැවති උත්සවයකදීය.
Previous Post Next Post