රට තුළ සහල් හිඟයකට හෝ වැඩි මිලට කිසිසේත් සහල් අලෙවි කිරීමට ඉඩ නොතබන බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යංශය පවසනවා.
වවුනියාවේදී මාධ්‍ය අමතමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සඳහන් කළේ සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම් දැඩි කරන බවයි.
දිවයින පුරා පිහිටි සතොස ආයතන හරහා සහ ලබන සතියේ සමූපකාර හරහා රජයේ පාලන මිලට සහල් ලබාදීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යංශය සඳහන් කළා.
ඒ අනුව සුදු සහල් රුපියල් 70කටද, නාඩු සහල් රුපියල් 72කටද,සම්බා සහල් රුපියල් 80කටද ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.
එළැඹෙන උත්සව සමය තෙක් සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟයක් ඇති නොවන බවයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් වැඩිදුරටත් සදහන් කළේ.