මුහුදු රළෙන් විදුලිය ළඟදීම

උදම් රළ (මුහුදු රළ) උපයෝගී කර ගනිමින් ජල විදුලි බලය නිපදවීමට ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට පින්ලන්තය සූදානම් වෙයි.

ශ්‍රී ලංකාවේ පින්ලන්ත තානාපති රාවුලී සුයික්කානෙන් මහතා හා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර පැවැති සාකච්ඡවකදී පින්ලන්ත තානාපතිවරයා අදාළ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
“අප රට වටේම මුහුද තිබෙනවා. ඒ නිසා කිසිදු බාධාවකින් තොරව මුහුදු රළ ආශ්‍ර‍යෙන් විදුලිය ජනනය කළ හැකිය. ඒ වගේම ඒ ජනනය කළහැකි විදුලිය පිළිබදව කළින් පුරෝකථනය කළ හැකිය.

ඒ නිසා නවීන තාක්ෂණය ඔස්සේ අවම වියදමකිත් මේ ව්‍යාපෘතිය දියත් කළ හැකියි. එවිට නියං කාලවලදී ඇතිවන අර්බුධ වලට කිසිදු ගැටලුවකින් තොරව අපට මුහුණ දීමට අවකාශ තිබෙනවා” අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
Previous Post Next Post