ලෙඩ්ඩුන්ගේ අයිතිවාසිකම් ගැනත් හිතනවා

රෝගීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියේදී නව නීතිරීති ගෙන එන බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංය, ලංකා වෛද්‍යවරුන්ගේ සංසඳය සහ ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය ඒකාබද්ධව පවත්වන “මහජන සුවදන“ ජාත්‍යන්තර සෞඛ්‍ය  ප්‍රර්ශනයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
රෝගීන්ගේ අයිතිවාසිකම් සහ වෛද්‍යවරුන්ගේ ආචාරධර්ම පිළිබඳව දැඩි අවධානයක් යොමු කර එම පියවර ගන්නා බවත් දියුණු ලෝකයේ වෛද්‍ය වෘත්තිය මෙන් මෙරට වෛද්‍ය වෘත්තිය ද ගොඩනැංවිය යුතු බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Previous Post Next Post